නිධාන කතා

සිංහල සාහිත්යයේ නිධාන කතා වස්තු ගැන ඉගෙන ගත්තා. ඒ ඉස්කෝලේ යන කාලයේ. දැන් නිධාන කතා ගැන දැන ගන්නේ ජීවිතයේ කොටසක් ලෙසිනි. අප දන්නා, ඇසුරු කරන්නන් ගැන නිධාන කතා අපේ මතකයේ ගබඩා කර ගන්නවා. ඒවා අනුව තමයි අපි ඔවුන්ව කොහොම සහ කොතරම් ආශ්රය කරනවද යන්න තීරණය කරන්නේ.


නිධාන කතාවක් හොඳද නරකද යන්න තීරණය කරන්නේ එය ගැන දන්නා අහන පුද්ගලයාය. එහෙත් හොඳ හෝ නරක හෝ, නිධාන කතා අපව විනිශ්යකරුවන් බවට පත් කරවනවා. මේ ලෝකයේදී අපි මිනිසුන් නරක මිනිසුන්ද හොඳ මිනිසුන්ද යන්න තීරණය කරන්න දක්ෂයි. හැබැයි, උසාවියක වගේ, කතාවේ දෙපැත්තම අසා තීරණයකට එළබෙන්න අපි කැමති නැහැ. කාසියකට දෙපැත්තක් තියෙනවා කියා දැනගෙනත් අපි මිනිසුන් ගැන නිගමනයකට එළබෙන්නේ කතාවක එක් පැත්තක් පමණක් දැනගෙනය.

අපිට අමතක වන්නේ ලෝකයේ සිටින්නේ හොඳ මිනිසුන් හෝ නරක මිනිසුන් හෝ නොව නිකම්ම නිකන් මිනිසුන් පමණක් බව.
එහෙත් ඔය නිධාන කතා හදා ගන්නවා. ඔය නිධාන කතා මතක තියා ගන්නවා. එය මනුෂ්ය ගතියකි. අපි කතාවේ එක් පැත්තක් අසා, පක්ෂපාති වී සිටින විනිශ්යකරුවන්ය.


කණ්ණාඩි දෙකක් ගෙන අංශක අනුවක කෝණයක් සැදෙනසේ තියන්න. කණ්ණාඩි දෙක අතරට යම් වස්තුවක් තියන්න. වස්තුව තියෙන තැන අනුවු එහි පරාවර්තනය වෙනස් වෙනවා. එහෙනම් නිවැරදිම පරාවර්තන ලබා ගැනීමටනම් වස්තුව තබන්න ඕන කණ්ණාඩි දෙක මැදය.


මිනිසුන් ගැනත් සාදාරණ නිගමනයකට එළබෙන්න ඕනනම් ඔය නිධාන කතා දෙස බැලිය යුත්තේ කතාවේ චරිතයක් වශයෙන් නොව, කතාවට කිසිම සම්බන්දයක් නැති පුද්ගලයෙක් ලෙසය. එහෙම නොකර මිනිසුන්ට නපුරුකම් කර, පොරොන්දු කඩකර අවුරුදු ගණනකට පෙර සිදුවූ සිද්දියක් නිසා මිනිසුන්ව කොන්කරන අය ගැන අපිටත් නිගමනයකට එළඹිය හැක. එසේ කල හැකිවන්නේ කතාවේ ප්රධාන චරිතයට වඩා කතාව කියන කෙනගේත්, කතාව නිසා අනිත් අයව හොඳ හෝ නරක හෝ පුද්ගලයන් ලෙස සලකන කෙනාගෙත් ගතිගුණ ගැන නිධාන කතා කියන දේ නිසාය.

මිනිසුන්ව වර්ග කරන්න එපා. එක් අයකුට හොඳින්ද තවත් අයකුට නරකින්ද සලකන්න එපා. අපි හැමෝම ගැන නිධාන කතා තියෙනවා. එහෙත් ඒවා අතීතයේ සිදුවූ දේවල්ය. වර්තමානයේ ජීවත්වෙනවානම් වර්තමානයේ සිදුවන දේවල් ගැන කතාකරන්න. හැමෝවම අතේ දුරින් තියා, හැමෝටම එක සේ සලකන්න.

Comments

Popular posts from this blog

Choosing happiness

What schools should teach us