ඇයි අපි කලුද?

අපි ඉතින් කලුයිනේ. ඒක ලජ්ජාවට කරුණක් නෙවෙයි. සමහර අය කලුයි, සමහර අය සුදුයි. ඔය රෝස පෙනුමක් හරි කහ පෙනුමක් හරි තියෙන කට්ටියත් ඉන්නවනේ. ඒත් ඉතින් කොච්චර Fair and Lovely ගැවට අපි කලුයි. හැබැයි ඉතින් කලු කිව්වට සුදු අයත් ඉන්නවා. හැබැයි ඒ අයත් සුද්දන්ට වඩා නම් කලුයි.

දැන් පොඩ්ඩකට අපේ හමේ පැහැය අමතක කරමුකෝ. අපි යමු දැන් නුගේගොඩට.

මේ ඊයේ පෙරේද අම්මයි මමයි ගියා එහෙට සපත්තු කුට්ටමක් ගන්න. අපි දෙන්නා දවල් දෙකේ අව්වට පිච්චිලා, හොඳටම මහන්සියෙන් ගොඩ වුනා ඒ පැත්තේ ඔය AC එහෙම කරපු කඩේකට. නම් කියන්න ඕනෙත් නැහැ, නම් දන්නෙත් නැහැ. ඉතින් සපත්තු බලල අපිට එක සපත්තු කුට්ටමක size 6 ඕන වුනා.කෝ ඉතින් අසාවකටවත් කඩේ කවුරුත් උදව්වට එන්නේ නැහැ. ඇයි කියල දන්නවද?

අපි කලු හින්ද.

ඒ වෙලාවේම කඩේ හිටියා එංගලන්තයෙන් ආපු පවුලක්. සපත්තු අරන් ඉවර වුනාට, bill එක දාන්න හිටපු කැශියර් උයි තව කඩේ කට්ටිය හතර පස් දෙනෙක්ම ඒ පවුලත් එක්ක කච බචේ. ඇයි ඉතින් ඒගෝල්ලෝ සුද්දෝනේ. ඉංග්රීසියෙන්නෙ කතා කරන්නේ.

මිනිත්තු දහයක් විතර බලන් ඉඳල අම්මයි මමයි වෙන කඩයකට ගිය. අපි ඉතින් කලු හින්ද අපිට සපත්තු විකුනන්න ඒ කඩේ අයට උනන්දුවකුත් ආසාවකුත් තිබ්බේ නැහැ. දුකයි තමා අපේම රටේ අපේම කට්ටියගෙන් මේ වගේ අසාදාරන දේවල් වෙනකොට. ඒත් මොනවා කරන්නද, අපි කලුයිනේ!

Comments

Popular posts from this blog

Availability, dating, love, etc.

Alone time

Learning to Let Go