පින්

හාමුදුරුවන් දානය වලඳා අවසන් වූ පසු, බණ අහන්නට අපි හැමෝම පැදුරු උඩ ඉඳගෙන, නමස්කාර කරන්නට කියූ විට, සාදු යැයි කියනවා ඇරෙන්න, බණ වැඩිය අහන්නේ නැහැ. බොහෝවිට මම වුනත් කරන්නේ බඩ ගුරුගුරු ගායි කියල බයෙන් ඉන්නවා නැත්නම් බිම තියෙන වැලි කැටයක් එහෙට මෙහෙට කරන එක තමයි. ඒත් අද බණ ටිකක් අහන්න හිතුනා.

පින් වල ආණිසන්ස තමයි බණ වලට මතෘකාව වුනේ. පින් එකතු කරගත්තම, මනුශ්ය ලෝකයේ හෝ දිව්ය ලෝකයේ සැප සම්පත් නොඅඩුව තියෙන ආත්මයක් අපේ සන්සාරගමනට එකතු කරගන්න පුලුවන්. ඒ නිසා වැඩි වැඩියෙන් පින් කල යුතුයි.

හැබයි ඔය පින් කියන්නෙ පාරක් හදන්න ගන්න මැටි හෝ සිමෙන්ති වගේ නෙමෙයිද? අපි කොච්චර බණ ඇහුවත්, කොච්චර බණ පොත් කියෙව්වත්, පින් කරන්නේ තව තවත් සංසාර ගමන දික්කරන්න නෙමෙයිද? එතකොට සංසාර ගමන ඉවර වෙන තැනට, එනම් නිවන් සුවයට ඇති මග අපි අර පින් කියන මැටින්වලින් තව තවත් දික්කරගන්නවා මිස, කෙටි කරගැනීමට තැත්කරන්නේ නැහැ.

ඔය කොයි දේ ඒවෙලාවේ හිතුනත්, පන්සලෙන් පිටත් වූ වහාම ඒ ඔක්කොම අමතක කරලා උදේට කන්න තියෙන්නේ මොන රස කෑමද ගැන හිතමින්, ඕප දූප කියවනවා මිස සන්සාර ගමන කෙටි කරගන්නේ කොහොමද කියල නම් මටවත් හිතුනේ නැහැ.

Comments

Popular posts from this blog

Choosing happiness

What schools should teach us